සිංහල විශ්වාස පද්ධතියේ එන යක්‍ෂ සංකල්පය
කතුවරිය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් ආචාර්ය සේපාලී මායාදුන්නේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති, දර්ශන විශාරද පශ්චාද් උපාධි ලබා ගත්තා ය.
අර්ධ රාජ්‍ය ආයතනයක නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයක ද කටයුතු කළ අතර, ජනසන්නිවේදනය පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමේ ඩිප්ලෝමා කිහිපයක් ද හිමි කරගෙන ඇත.
සිය නිර්මාණ සාහිත්‍යය කෘති වෙනුවෙන් සහ ශාස්ත්‍රීය පර්යේෂණ වෙනුවෙන් ජාතික මට්ටමේ සම්මාන රැසකට පාත්‍ර වූ මේ දක්වා නිර්මාණ සහ ශාස්ත්‍රීය කෘති රැසක් සම්පාදනය කළ ලේඛිකාවකි.
කෘතිය
සිංහල සමාජයේ යක්‍ෂයා යනු බියකරු අද්භූත පුද්ගලයකු පමණක් ම නොවේ.
ඇතැම් විටෙක දේවත්වයට පවා ළඟා කරවනසුලු බලවේගයකි. වරෙක අතීත ඇදහීමක ශේෂයක් ද සංක්‍රමණිකයකු, මළගිය ඥාතියකු, පරාජයට පත් වූ ජන ප්‍රධානියකු බවට ද පත්වෙන ඔහු ආක්‍රමණික ජනතාවගේ ශරීර වර්ණයට ප්‍රතිවිරුද්ධ වර්ණය ද ලබා ගන්නේ ය.
සිංහල සමාජයේ ඇදහීම්වල දේවත්වයට මුල් තැන් හිමිවෙද්දී යක්‍ෂයන් එයට පහත් ස්තරයක වඩාත් විශාල පරාසයක පැතිර පවත්නා බව ජනශ්‍රැති, සංස්කෘතික සහ ආගමික විශ්වාස ඔස්සේ තහවුරු වන බව ද පෙනී යයි.
යක්‍ෂයින්ගේ හැසිරීම්, ඇදහීම්, ක්‍රියාකාරීත්වයන් ඔස්සේ සිදුකෙරුණු දීර්ඝ සමාජ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සිංහල විශ්වාස පද්ධතියේ එන යක්‍ෂ සංකල්පය කෘතිය මෙසේ පාඨක ප්‍රජාවට ඉදිරිපත් කෙරෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.