Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / තිමිර මන්දිර

තිමිර මන්දිර

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

චාල්ස් ඩිකන්ස් සම්භාව්‍ය මෙන්ම පාඨකයා සතුටු කිරීමට සමත් නවකතාකරුවකු ලෙස විචාරකයෝ හඳුන්වති. බ්ලීක් හවුස් නවකතාව මේ බව හොඳින් සනාථ කරයි.

මහාචාර්ය හිලිස් මිලර්ට අනුව ඩිකන්ස් තමා ජීවත් වූ වකවානුවේ ඉංග්‍රීසි සමාජයේ හරස් පැති කඩක් විදහා දක්වයි. ඔහුගේ අන් සැම නවකතාවකටම වඩා මෙමගින් සමාජය පිළිබඳ පුළුල් චිත්‍රයක් අලංකාර ලෙස පාඨකයාට ඉදිරිපත් කරයි. තියුණු ලෙස භාවිතා කරන ඔහුගේ වාග් මාලාව තුළින් නාට්‍යමය විලාශයකින් එම සිද්ධි විස්තර කරයි. ඒ අතරම මෙම සමාජයේ සිදුවීම් විසුලු ආකාරයකින් උපහාසයට ලක් කරයි. ශ්‍රීමත් ලීසෙස්ටර් ඩෙඩ්ලක් බැරන්වරයාගේ සිට වීදිය අමදින ජෝ නම් අනාථ දරුවා දක්වා දක්වන එම චරිත කාර්මික විප්ලවය මගන් ඇති කළ දූෂණය සමාජය තුළ කාවැදී තිබුණු අයුරු පැහැදිලි කරයි. මේ කතාවේ එන බොහෝ චරිත පරම්පරා ගණනාවක් ඇදී යන ජාන්ඩයිස් සහ ජාන්ඩයිස් නඩුව නිසා පඹගාලක පැටලී සිරවී පිඩා විඳිති. නඩුව අවසාන වීමද මුළුමනින්ම විහිළුවකි.

ISBN
9789553128607
පිටු ගණන (Pages)
912
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තිමිර මන්දිර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.