Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / වෙල්ලස්සේ ජනවහර

වෙල්ලස්සේ ජනවහර

About this book

මුඛ පරම්පරාගතව පැවත එන සම්ප්‍රදායික විශ්වාසය, සිරිත්, විරිත්, ජනකථා සහ ජන භාෂාව යනාදිය ඕනෑම ජනවාර්ගික කණ්ඩායමක පැවැත්මෙහි ලා වඩාත් තීරණාත්මක වූ අංගෝපාංග වේ. කිසියම් මිනිස් කණ්ඩායමක ජීවන ක්‍රමය හා සම්බන්ධිත සම්ප්‍රදායික මූලයන් සහ එහි කොටසක් ලෙස ප්‍රවර්ධනය වූ නිර්මාණාත්මක ප්‍රකාශන ලස සැලකෙන ජනගීත, ජනනැටුම්, අත්කම් ආදී ක්‍රියාකාරකම් සියල්ල ඔපවත් වන්නේ ද ජන බස ඇසුරෙනි. දඹගල්ලේ කේ. බී. රත්නායක යනු ශ්‍රි ලංකාවේ ප්‍රාදේශීය ජනවහර කෙරෙහි සුවිශේෂ ඇල්මක් දක්වන්නෙකි. වෙල්ලස්සේ ජනවහර නම් ග්‍රන්ථය වෙල්ලස්ස නම් ප්‍රදේශය ආශ්‍රිතව රචනා කරන ලද්දකි. යටත්විජිතකරණයත් සමඟ ශ්‍රී ලංකා සමාජයේ සිදුවූ අධ්‍යාපනික හා සංස්කෘතික වෙනස්කම් මඟින් පෞරාණික වෙල්ලස්සේ ජන උරුමයන් ද්‍රවීකරණයට ලක් වූ සැටි මේ ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි. විහේෂයෙන්ම වෙල්ලස්ස ප්‍රදේශයට ආවේණික වූ එනමුත් අද දවසේ කෙමෙන් වියැකී යන වචන තුන්දහසකට අධික ප්‍රමාණයක් මේ කෘතියෙහි සංගෘහිත ය. අටදහස්රටේ අප්‍රකට පුණ්‍ය භූමි, ගම්මානේ අපූරු කතා, සෙනෙහ තිළිණය වැනි ග්‍රන්ථ කිහිපයක් රචනා කොට ඇති හෙතෙම මෙවර රචනා කළ ග්‍රන්ථය ශාස්ත්‍රීය වටිනාකමකින් යුතු වේ. ජනශ්‍රැතිය පිළිබඳව අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට ස්වකීය පර්යේෂණ මුවහත් කර ගැනීමට මෙයින් ලැබෙන පිටුබලය ඉමහත් ය යන්න මාගේ විශ්වාසයයි.

මහාචාර්ය ධර්මා රාජපක්ෂ
සිංහල අධ්‍යයන අංශය
රුහුණු විශ්වවිද්‍යාලය

ISBN
9789556564617
පිටු ගණන (Pages)
495
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වෙල්ලස්සේ ජනවහර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.